නීතිඥ සංගමයෙන් ඉල්ලීම ඉවතට... ජනපතිවරයා විසින් නව නීතිපතිවරයෙක් පත් කරයි
අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා සේවයේ පිහිටවනු ලැබීය.
මේ දක්වා ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතාගේ පත්වීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීමෙන් පසු ඔහු නව නීතිපතිවරයා ලෙස රාජකාරි අරඹණු ඇත.
පසුගිය 26 වෙනිදා තෙක් නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය අවසන් වීමත් අනතුරුව පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා පාරින්ද රණසිංහ මහතා මෙසේ පත්කර ඇත.
නව නීතිපති පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු කීර්තිමත් අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකුද වෙයි.
නීතිඥ සංගමයෙන් ඉල්ලීම ඉවතට... ජනපතිවරයා විසින් නව නීතිපතිවරයෙක් පත් කරයි
2024-07-12T20:52:00+05:30
Gossip Lanka Hot News






