gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අදානි ගැන හොඳ ලියන්න මාධ්‍යවේදීන්ට ඉන්දියාවෙන් සන්තෝසම්!

වතමන් ඉන්දීය ආණ්ඩුවේ හිතවත්ම ව්‍යාපාරිකයෙකු මෙන්ම විවිධාකාර වංචා සහ දූෂණ චෝදනාවලට ලක්වී සිටින ගෞතම අදානිගේ ව්‍යපෘති ගැන වර්ණනා කිරීම සඳහා මෙරට ජනමාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන කතෘ මණ්ඩල සාමාජිකයින්ට සහ විවිධ මට්ටමේ සමාජ මාධ්‍යය නාලිකා හසුරුවන පුද්ගලයින්ට මූල්‍යමය ආධාර සහ ඉන්දීය සංචාරයන් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ පිලිබඳ තොරතුරු දන්නා මූලාශ්‍ර වලට අනුව ගෞතම අදානි ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යපෘති වලට වක්‍රාකාරව සහය ලබා දීමත් ඔහු විසින් ඉන්දීය ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන වර්ණනා කිරීමත් මෙම කටයුත්තේ මූලික අරමුණ ලෙස සඳහන් වේ.

මෙරට පුවත්පත් ඇතුළු මාධ්‍යය ආයතන කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් ගෙවුණු දින කිහිපය පුරාම අදානි විසින් මෙහෙවනු ලබන මුම්බායි හී පිහිටි මුන්ද්‍රා වරාය සහ විශිම්ජිම් වාරයන් ගැන අසාමාන්‍යය ආකාරයේ වර්ණනා කරමින් දීර්ඝ ලිපි කළහ. එසේම කොළඹ වරාය ගැන සම්පූරන් අසත්‍යය තොරතුරු ඇතුලත් වාර්තා කිහිපයක්ද හා සමානව ප්‍රසිද්ධ විය.

මේ අතර අදානිගේ ව්‍යපෘති ගැන යුටියුබ් සහ මුහුනුපොත ඇතුළු සමාජ් මාධ්‍යය නාලිකා වලින් අදාලම් උපයන මෙරට තෝරාගත් කිහිපදෙනෙකුටද ඉන්දියාවේ අනුග්‍රහය ලැබී තිබේ. මොවුන්ට පැවරී ඇති කටයුත්ත වන්නේ, හැකි පමණින් අදානිගේ ව්‍යාපෘති ගැන ශ්‍රී ලංකාවේ ජනතාව අතර යහපත් ප්‍රතිරූපයක් ඇති කිරීම සහ කොළඹ වරාය ඇතුළු මෙරට මූලික ආයතන වල කටයුතු සමච්චලයට ලක්කොට ඒවායේ ප්‍රතිරූපයට හානි කිරීමය.


ගෞතම අදානි විසින් සිය දේශපාලන බලය අවභාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති ව්‍යාපෘති කිසිඳු විනිවද බාවයකින් තොරව සිදුකරන අතර ඒ කිසිවකට පිළිගත් නිතියනුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ අනුගමනය කර නැත. ඒ සඳහා පැහැදිළි එක උදාහරණයක් වන්නේ, මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘතියයි. එය මේ වන විට උසාවි නියෝගයක් මත නතර කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka