ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.
අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදා හැරියහොත් පමණක් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසයි.
මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතුය.
එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු පමණ ආරක්‍ෂාවට අවශ්‍ය වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රමාණවත් සේවකයින් සහ ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීමටද අවශ්‍ය බව රජයේ මුද්‍රණාලය පවසයි.
මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
ඉන් අනතුරුව මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදු කරන බව පැවසීය.
එහෙත් මේවන විට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය බිම් මට්ටමේ සම්බන්ධීකරණ කටයුතු මේවනවිටත් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
