රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් ඒ සදහා යොදාගත් නිර්නායක වහා රටට හෙලි කරන්න ! නාමල් ජනපතිට සැරවෙයි!
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබඳවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සඳහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාද යන්නත් රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට දන්වා සිටී.
විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවානම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේදී අනුගමය කළ ක්‍රියාපටිපාටිය කුමක්ද, ඒ පිළිබඳව සළකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවානම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතුබවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවිදභාවයකින් සිදුකළ යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
තවද පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට පොදුජන පෙරමුණ විරුද්ධ බව ද නාමල් රාජපක්ෂ කියයි.
කෙසේවෙතත් රාජ්‍ය ආයතන විකිණීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තය නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයි.
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේනම් ඒ සදහා යොදාගත් නිර්නායක වහා රටට හෙලි කරන්න ! නාමල් ජනපතිට සැරවෙයි!
2024-07-04T07:49:00+05:30
Gossip Lanka Hot News






