gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

බය වෙන්න එපා… ඡන්ද කල්දාන්න ගෙනාපු හට්ටි මුට්ටි වෙට්ටු ඔක්කොම කුඩු… ජනාධිපතිවරණය තියනවා… හිටපු මැකෝ කියයි!

ජනමත විචාරණකින් කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තීන්දුවක් ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගත යුතු බවත් එය කිසි කළෙකත් නොවන දෙයක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ලබන සතියේ  දිනය ප්‍රකාශයට පත කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළ බවත්, එසේ ප්‍රකාශ කළහොත් සැප්තැම්බර් මස තුළ ඡන්දය තැබිය යුතුම බවත් ඔහු පෙන්වා දුන්නේය.

” ඒක වලක්වන්න බෑ කාටවත්. දිව්‍යලෝකේ කඩාගෙන වැටුනත් එය නවත්වන්න බෑ. ජනාධිපතිවරණය කල් දැමීමට නම් ඒ කල් දැමීම සඳහා ජන මත විචාරණයක් අවශ්‍යයයි. ඒක කල්දාන එක දිනන්න පුලුවන්නම් ජනාධිපතිරවණය දිනන්න පුලුවන්නේ. නොයෙකුත් වෙට්ටු නම් දානවා කල්දාන්න පුලුවන්ද බලන්න. ඒත් වෙට්ටු ඔක්කොම නැති වෙලා තියෙන්නේ. ”

” හට්ටි මුට්ටි වෙට්ටු ඔක්කොම කුඩුවෙලා ගිහින් ඉවරයි. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් ඡන්දය තියනවා.”



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka