gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ලා රනිල් එපා කියයි… කාංචන රනිල් ජනපති කරන්න පොහොට්ටුවේ මහ පලුව කඩාගෙන එන බව කියයි (VIDEO)

පොදු ජන පෙරමුණේ අපේක්ෂාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවිම බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැන් ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සන්නිවේදනය කිරීම පමණක් බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ඊයේ (30) පැවසුවේය.

අද මාතර කොටුව ක්‍රීඩාංගනයේ දි පැවැත්වූ එක්ව ජය ගමු අපි මාතර ජන රැළිය අමතමින් කාංචන විජේසේකර පැවසුවේ ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ මහ පළුවම ගැලවී ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය දැක්වීමට පෙළ ගැසෙන බව කාංචන විජේසේක පැවසුවේ පක්ෂ නායකයින් නොවන කීප දෙනෙක් කියන විවිධ කතා පිළිබඳ කිසිවෙක් සලකන්නේ නැති බව දක්වමිනි.

කාංචන විජේසේකර ඇමතිවරයා මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකරන්නේ පක්ෂයේ මහලේකම්, පක්ෂයේ ජාතික සංවිධායක සහ පක්ෂයේ තවත් ප්‍රබලයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙනවාට වඩා පොදු ජන පෙරමුණේම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට නම් කරන බවත් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති නොවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී ය.

කාංචන විජේසේකර මෙසේ කීවේය.

ඔබ අහයි පොදුජන පෙරමුණ තීන්දුවක් අරන් ද තියෙන්නේ කියලා. ඔබතුමන්ලා එකතුවෙලා ද මේ යන්නේ කියලා. රමේෂ් පතිරණ ඇමතිතුමා, මීට පෙර කතා කරපු සබ්රි ඇමති තුමා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, වෙලාව අඩු නිසා කතා නොකර වාඩි වෙලා ඉන්න මහින්දානන්ද ඇමතිතුමා ඇතුළුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි හැමෝගෙම බලාපොරෙත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණය ඉදිරිපත් කරවලා ජයග්‍රහණය කරවන්න.

මම දන්නවා අපේ පක්ෂ නායකයන් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. පක්ෂ නායකයො නොවන කිහිප දෙනෙක් විවිධ කතා කියන්න පුලුවන්. එහෙම කතා පහුගිය කාලෙත් කියලා තියනවා.

ඒ සියලු දෙනා දන්නවා පොදු ජන පෙරමුණේ ඉන්නේ දේශපාලන තීන්දු ගන්න බය මිනිස්සු නෙමෙයි කියන එක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සෙත් එදා දවසේ ඒ පක්ෂ නායකයා රටට අවශ්‍ය නිසි තීන්දු තීරණ ගත්තේ නැති නිසා. පොදුජන පෙරමුණ කියන දැවැන්ත පක්ෂය අපි බිහි කළේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන්. මම විශිවාස කරනවා පොදු ජන පෙරමුණේ නායකයාත් පක්ෂ නායකයකනුත් හොඳ අවබෝධයකින් ඉන්නවා විතරක් නෙමෙයි, ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ කොටසක් නෙමෙයි, කෑල්ලක් නෙමෙයි, පොඩ්ඩක් නෙමෙයි, මහ පලුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැසෙනවා කියලා අපි දන්නවා.

ඒ නිසා ඔබතුමාට සන්නිවේදනය කරන්න විතරයි ත‍ියෙන්නේ ඉදිරිපත් වෙන බව සහ සහ ප්‍රචාරණය පටන් ගන්න දවස.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka