gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාට අදත් ඇප නෑ.. යලිත් වැලිකඩ!

බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම එළඹන පහළොස්වෙනිදා විභාගයට ගැනීමට නියම කළේය.

අැප අයදුම් පත කැඳවූ අවස්ථාවේදී ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ලිඛිත දේශන අද ගොනුකර තිබේ.

තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලදී.

එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka