දේශබන්දුට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව අභියෝග කරනව ද?… තීන්දුව ගැඹුරින් සමාලෝචනය කර මතය කියන්න කැබිනට් මණ්ඩලය සූදානම් ලු…
ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා සම්බන්ධව ලබා දුන් තීන්දුවේ නීතිමය තත්ත්වය ගැඹුරින් සාකච්ඡා කර සිය මතය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් හදිසියේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වීමට මුල් වූයේ පොලිස්පතිවරයාගේ රාජකාරි අත් හිටුවමින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව සාකච්ඡා කිරීමට බව කියැවේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ඡිත තීන්දුවක් ලබා දුන් පසු කැබිනට් මණඩලය රැස් කර කැබිනට් මණ්ඩලයේ ප්‍රතිචාර ප්‍රකාශ කිරීමේ වලංගු භාවය කුමක් දැයි ප්‍රශ්න කරන නීති අංශ පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දී කළ යුත්තේ නැති අනීතික ගැටුම් නිර්මාණය නොකර වැඩ බලන පොලිස්පතිවරයෙක් නීත්‍යානුකූලව පත් කිරීම බවය.
දේශබන්දුට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව අභියෝග කරනව ද?… තීන්දුව ගැඹුරින් සමාලෝචනය කර මතය කියන්න කැබිනට් මණ්ඩලය සූදානම් ලු…
2024-07-25T06:58:00+05:30
Gossip Lanka Hot News






