gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමලවීර දිසානායක රවී කරුණානායකගෙන් සමාව ඉල්ලයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය පොහොට්ටු මන්ත්‍රී විමලවීර දිසානායකට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ වන්දි නඩුවක් ඊයේ (31) සමතයකට පත්ව තිබුණා. ඒ ඒ සම්බන්ධයෙන් විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් අධිකරණයේ දී රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගෙන් සමාව ගැනීම නිසා.ඒ අනුව එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග ඊයේ (31) දින කටයුතු කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක 2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයක දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවට කරුණු දක්වා තිබුණා. එහිදී ඔහු කියා තිබුණේ එවැන්නක් හිටපු අමාත්‍යවරයෙකුට නොගැලපෙන බවයි. ඒ ප්‍රකාශය හේතුවෙන් තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බැවින් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙස පවසමින් රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙ හි මෙම නඩුව පවරා තිබුණා.

ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් සිදු වූ කටයුත්ත පිළිබඳව අධිකරණයේ දී සමාව ගැනීමත් ඒ සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක සිය එකගතාවය පල කිරීමත් නිසා නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka