gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එහෙටත් සපෝට්..! මෙහෙටත් සපෝට්..! පොහොට්ටුවේ ඇමැතිවරු තුන්දෙනෙක්-රාජ්‍ය අමාත්‍යවරු 13ක්-මන්ත්‍රීවරු 27ක් ජයටම දෙපැත්ත කාලා!

පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව එම පොරොන්දුවම රනිල් වික්‍රමසිංහ මහතාට රහසේ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ඔහුටද සහාය ලබා දෙන බවද පවසා ඇති බව වාර්තා වේ.

මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති පොහොට්ටු මැති ඇමතිවරු ගණන 43 කි.

ඔවුන් අතර, අමාත්‍යවරු තුන් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසේ.

මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපලගේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka