“අපි සද්ද දාගෙන වැඩ කරන්නේ නෑ” – පල්ලිය සිරිසේනට උත්තර දෙයි!
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ලබාදීමට විවිධ මූලාශ්‍රවලින් ලැබුණු මුදල් තමන්ට ලබාදී නොමැති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි.
කතෝලික සභාවේ ජනසන්නිවේදන ජාතික අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සිරිසේන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියාසිටියේ පල්ලිය විසින් දැනටමත් රු.මිලියන 500ක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට බෙදාදී ඇති බවයි.
“ශ්‍රී ලංකා කතෝලික සභාවේ සමාජ සේවා අංශය වන ‘සෙත් සරණ’ හරහා අපි මෙම මුදල් ලබාදී තිබෙනවා. ඔබේ දකුණු අත කරන්නේ කුමක්දැයි ඔබේ වම් අත නොදැන සිටිය යුතු බව යේසුස් පැවසුවා. ඒ නිසා අපි අපේ ක්‍රියා ප්‍රසිද්ධ කරන්නේ නැතිව හොර රහසේ දේවල් කරනවා.” යයි උන්වහන්සේ පවසති.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ගොදුරුවූවන් සඳහා මුදල් බෙදාදුන් අයගේ නම් ලැයිස්තුවක් පල්ලිය ඉදිරිපත් කළ යුතු බව සිරිසේන මීට පෙර ප්‍රකාශ කළේය.
“අපි සද්ද දාගෙන වැඩ කරන්නේ නෑ” – පල්ලිය සිරිසේනට උත්තර දෙයි!
2024-06-22T06:57:00+05:30
Gossip Lanka Hot News





