gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙනදා නම් ටීම් එක කටුනායකින් ආවේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්! 20-20 ලෝක කුසලානයට ගිහින් පළමු වටයෙන්ම විසිවුණු ටීම් එක අද එළියට ආවේ සල්ලි ගෙවා ‘සිල්ක් රූට්’ පර්යන්තයෙන්! (VIDEO)

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියේය.

එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බව හසරංග පැවසීය .

“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් කළේ නෑ..”  හෙතෙම පැවසීය.

ඔවුන් වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka