gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුබ ආරංචිය ගැන සජිත්-හර්ෂ එලිපිට මත ගැටේ... සජිත් බනිද්දී හර්ෂ අගයයි!

චීනය ජපානය ඉන්දියාව ඇතුළු  ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයට පැමිණීම ගැන සන්තෝෂ වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රටේ ජනතාවට හොඳක් වන්නේ නම් ශ‍්‍රී ලංකා මාතාව පැත්තෙන් පැත්තට ඇදගෙන යාමට සූදානම් නැති බවත් තමන් කුහකයන් නොවන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ණය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අධ්‍යයනය කර ඊට සහාය දීම හෝ නොදීම පිළිබඳව තවදුරටත් තීරණය කරන බවද ඔහු කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

මේ අතර එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල උත්සව සභාවක් අමතමින් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ රටට සෙතක් වන්නේ නම් ඒ සඳහා සහාය දෙන බවයි.

නමුත් හෙළිදරව් වූ කරුණු අනුව ගැටළු සහගත තැන් කිහිපයක් ඇති බවද ඔහු කියා සිටියේය.

මෙතෙක් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය නියමාකාරයෙන් අවසන් කර නැති බවද පැවසූ විපක්ෂ නායකවරයා මෙම ණය ගෙවීමේදී කිසිදු පොලිය කප්පාදුවක් සිදු කර නැති බවත් පොලියටත් පොලියක් එකතු කර ඇති බවත් ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka