gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අද හදිසියේම පාර්ලිමේන්තු එන හේතුව එළියට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී  ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළකිරීමට නියමිතයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සතිය තුළ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර අද දිනයේ සංචාරක කටයුතු පනත යටතේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති නියමයන් කිහිපයක්, රජයේ ඉඩම් ආඥා පනත යටතේ සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ දී නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා නිර්දේශ කර ඇති අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම මීට පෙර අවස්ථා දෙකකදී කල්දැමීමට සිදුවුණි.

කෙසේවෙතත් අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka