gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ලා රංගේබණ්ඩාරව නිරුවත් කරවයි!

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර හෙට (03) සිදු කිරීමට නියමිතව මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ සමීපතමයින්ගේ ඉදිරි දේශපාලනයට බලපාන කරුණු හෙළි නොකර නිහඬ කරවීමේ උපක්‍රම දියත් කර ඇති බව අනාවාරණය වේ.

මෙම උපක්‍රමයේ මූලික ම පදනම වී තිබෙන්නේ රංගේබණ්ඩාරගේ අතීත පැටිකිරිය පිළිබඳව මෙතෙක් හෙළිවී නොතිබූ කරුණු රැසක් පියවරෙන් පියවර මාධ්‍යවේදීන් වෙත ලබා දෙමින් සිටීම ය. ඔහුගේ විවාහ ජීවිතය, පොලිස් සේවයේ යෙදී සිටීමේදී බලය අයුතු ලෙස භාවිතා කිරීම, අපරාධවලට සම්බන්ධවීම සහ මූල්‍ය අපරාධ සිදු කිරීම යන කරුණු මේ වනවිටත් හෙළිකර තිබේ.

එසේ හෙළි කළ මූල්‍ය අපරාධ සහ වංචනික ක්‍රියාමාර්ග වංචනික ක්‍රියාමාර්ග අතර මන්ත්‍රීවරුන්ට ලබා දුන් තීරුබදු රහිත වාහනය විකුණා එම අංකයට ම මෙරට තුළදී එකලස් කරන ලද වාහනයක් ලබා ගැනීම මූලික වී ඇත. එමෙන් ම, ඔහුගේ මාදම්පේ පිහිටි නිවසකට 2010දී කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් පසුව එය විකුණා දමා තිබිණි. නමුත් එය මිල දී ගත් පුද්ගලයාගෙන් ව්‍යාජ ලිපි ලේඛන ලබා ගෙන ඇති අතර 2022 මැයි 09 දින එම නිවසට ගිනි තබන ලද බව කියමින් රුපියල් 95,000,000ක් (මිලියන 95) අලාභයක් ඉල්ලා තිබීම ද හෙළිකර තිබේ. ඊට අමතරව පාලිත රංගේබණ්ඩාරගේ උපදෙස් පිට සහ කොන්ත්‍රාත් දීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර ඇති බවට ද තොරතුරු හෙළිකර ඇත.

මේ ලෙස දැනට කරුණු ප්‍රමාණයක් මුදා හැර තිබෙන අතර ඒ මගින් ඔහුගේ ප්‍රකාශයේ සැර බාල කිරීමට උත්සාහ දරමින් සිටින බව හෙළිවේ.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka