මහේල ඉල්ලා අස්වෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග නැවතත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
ඒ, එම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටි ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනීස් සිව්වැනි ස්ථානය දක්වා පසු බැසීම හේතුවෙන්.
වනිඳු මීට පෙර එම ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ රැඳී සිටියේ ය.
ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානයේ පසු වෙනවා.
කෙසේ වෙතත්, තුන්වැනි ස්ථානයට පත්ව සිටින්නේ ඉන්දියාවේ හර්ඩික් පාන්ඩ්‍යා වේ.
මහේල ඉල්ලා අස්වෙයි!
2024-06-26T20:44:00+05:30
Gossip Lanka Hot News






