ස්වාධීන රූපවාහිනිය විසින් සංවිධාන කරන ද විවාදයට ඊයේ දිනයේ සහභාගිවීම සම්බන්ධයෙන් අනුර දිසානායක මහතාට ස්තුති කරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
අනුර දිසානායක මහතා එම වැඩපිළිවෙළේ දී නැවත වතාවක් ඔප්පු කරන ලද්දේ තම පක්ෂයට රට ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් නැති බව යයිද හෙතෙම පැවසීය.
වැඩසටහන පුරාවටම අනුර දිසානායක මහතා පක්ෂයේ නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර තමන්ගේ හිතේ පමණක් ඇති දේවල් ටිකක් පමණක් ඉදිරිපත් කළ බවත් හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය මේ වනතෙක් දැනට රජය විසින් ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැතැයිද ඔහු පැවසීය.
ගැලරිය පිනවන කතාවලින් රට ගොඩ දැමිය නොහැකි බවත් රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉක්මනින්ම ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.