gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේනගේ ජනාධිපති සමාව කැන්සල් කළ සාමන්ත ජූඩ් ඇන්තනීව සිංගප්පුරුවෙන් ආපහු ලංකාවට!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දොන් සාමන්ත ජූඩ් ඇන්තනී ජයමහට ලබාදුන් සමාව අත්තනෝමතික සහ බලරහිත බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු සිංගප්පූරුවේ සිටින බවට සැකකෙරෙන අදාළ පුද්ගලයා යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් සිංගප්පූරුව සමඟ තවමත් පිටුවහල් කිරීමේ ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් ශ්‍රී ලංකාවේ මෙම උත්සාහයන් බිඳවැටීමට ඉඩ ඇති බව වාර්තා වේ.

එවැනි ගිවිසුමක් අත්සන් කිරීම සිදුකළ හැක්කේ දෙරටේ එකඟතාවයෙන් පමණක් වන අතර ශ්‍රී ලංකාව වෙනත් රටවල් ගණනාවක් සමඟ එවැනි ගිවිසුම් අත්සන් කර තිබේ.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, රෝයල් පාර්ක් ඝාතන නඩුවට සිරදඬුවම් විඳිමින් සිටි ජයමහට රටින් පිටවීම තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට දින කිහිපයකට පෙර 2019 නොවැම්බර් 15 වැනි දින ඔහු ශ්‍රී ලංකාව හැර ගොස් ඇත.

හෙතෙම 2019 නොවැම්බර් 13 වැනි දින ජනාධිපති සමාව ලැබුණු වහාම විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව අනාවරණය විය.

මේ වන විට ඔහු සිංගප්පූරුවේ සිටින බවට සැකකෙරෙන බවත් පිටුවහල් කිරීම සඳහා බලධාරීන් අන්තර්ජාතික සහාය අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

“ඔහු නිල වශයෙන් රට හැර ගිය බැවින්, සමාව ලැබීමෙන් පසු, පොලිසියට කළ හැක්කේ ඔහු දැන් අවශ්‍ය සිරකරුවෙකු බවත්, ඔහු රටින් පිටුවහල් කරන ලෙසත් ඇතැම් රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම පමණි” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka