ඉන්දියානු මැතිවරණය පෙනි පෙනී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්‍රස්තයන් යැයි කියූ සිව්දෙනා අයි.එස්. මතවාදීන් බව පෙන්වීමට මෙරටදී වීඩියෝවක් නිෂ්පාදනය කර ඇතැයි අනාවරණය වී ඇත. එම වීඩියෝව සඳහා ඉදිරිපත් වූ සැකකරුවන් සිව්දෙනා දිවුරුම් ප්‍රකාශ (බයියත්) දීම සඳහා යොදාගත් අතමාරු වී ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. සාමාන්‍යයෙන් අයි.එස්. ත්‍රස්තයන් දිව්රුම් දෙන්නේ දකුණු අතේ දඹරඟිල්ල ඔසවා වුවද, මෙවර ඉන්දියාවේදී හසුවූවන් සිටින වීඩියෝවේ වම් අත උස්සා වැරදි වීඩියෝවක් කර ඇතැයි හෙළි වී තිබේ.
අයි.එස්. ත්‍රස්තයන් බව හැඟවීමට යොදාගත් වීඩියෝව ව්‍යාජ එකක් බවට වීඩියෝකරණය කළ පුද්ගලයාගෙන් ද අනාවරණ වී ඇත.
මෙම සිව්දෙනා මෙහෙයවූ ප්‍රධානියා බව කියන ඔස්මන් ජෙරාඩ් නමැත්තා කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඉන්දියානු ජාතිකයකු සමග පැමිණ ඇතැයි ද හෙළි වී තිබේ.
මෙය අන්තවාදී සිද්ධියක් නොවන බවට අනාවරණ වී තිබීමත්, මෙමගින් රටේ ප්‍රතිරූපයට හානියක් වන නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිවේදනයක් නිකුත් කරන ලෙසද විදේශ කටයුතු ඇමැති අලි සබ්රි දැනුම් දී තිබේ.
අයි.එස්. ප්‍රහාරයක් සඳහා දිව්රුම් දී ඉන්දියාවට ගිය බව කියන්නට පටිගත කළ වීඩියෝ පටය ඔස්මන් විසින් ඉන්දියාවට යවා ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
-aruna