gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුකුල් චමින්දගේ බිරිදගේ රජ ගේමක් එලියට.. පොලිසියත් උසාවියත් එකට අන්දයි..

පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති කුකුල් චමින්ද නැමිති පුද්ගලයාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයින් බියගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බව හොරොව්පොතාන පොලිසිය පැවැසීය.

ඒ අනුව කුකුල් චමින්දගේ බිරිදවන පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාවහට ඉදිරියෙදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවඳ පොලිසිය කියයි.

මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පොතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමාව අතවර කිරීමකට ලක්කර බවට පවසා හොරොවිපොතාන පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබේ. ඒ වනවිට හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර දුරකථනයෙන් ඒ මහතා සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළිබඳව දැණුවත් කිරීමටඳ පොලිසිය කටයුතු කර ඇත.

ඒ අනුව ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.

එහිදී මෙම කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්ථාවක් ලබා දෙන ලෙසටද අධිකරණය පොලිසියට නියොග කර තිබුණි.

ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එහිදී එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත තමාට මාසික ශුද්ධිය සෑදී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකග වී ඇත.

අනතුරුව දින කිහිපයකට පසු නැවත මෙම කාන්තාව හට හොරොව්පොතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණිනෙ ලෙස දන්වා තිබුණි. එහිදීද මෙම කාන්තාව වැලිඔය, පදවිය, වැනි ප්‍රදේශවල නෑදෑ ගෙදරකට පැමිණි ඇති බව පවසා දුරකථනයද විසන්ධි කරමින් පොලිසිය හා අධිකරණ වෛද්‍යවරයා මග හරිමින් සිටීමට උත්සහ දරමින් සිට ඇත.

ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර මෙම පැමිණිලිකාරිණිය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබා ගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව පරික්ෂණ සිදු කළ පොලීසිය හට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි. නමුත් සැකකාර කාන්කාව සැගවී සිටිම හේතුවෙන් පොලීසියහට ඇයව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

පසුගියදා දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධව කුකුල් චමින්ද නැමැති පුද්ගලයා පිළිබඳ මුහුණු පොත මෙන්ම ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබුණි. ඒ අනුව එහි සිටි කාන්තාව පිළිබඳව හොරොව්පොතාන පොලිසිය අවධානය යොමු කළේය.


ඇය පොලිසිය විසින් සොයමින් සිටි කාන්තාව බව අණාවරණය වූ හොරොව්පොතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනෙකු ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ එම නිවස වෙත ගොස් එම සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගෙන තිබුණි. එහිදී එම කාන්තාව තමන් විසින් හොරොව්පොතාන පොලිසියේ සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගෙන ඇත.

ඒ අනුව ඉදිරියෙදී අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම මුල් කර ගනිමින් හොරොවිපොතාන පොලිසිය නඩුවක් ගොණුකර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිවි.එම්.එන්. අයි දයානන්ද මහතා පැවසීය.


මෙම මෙහෙයුම සඳහා පොලිස් ස්ථානාධිපති ඩබ්ලිවි.එම්.එන්. අයි දයානන්ද මහතා ඇතුලු ඩබ්ලිව්.පී.සී 5249 සන්ද්‍යා ජයතිලක, 10545 සදුනි භාග්‍යා නැමති නිලධාරින් සහභාගි වූහ.

– සජිත් ගයාන් උබේපාල
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka