gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන සතිය විශේෂයි.. රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කන්න සැලසුම්..

එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි එළඹන 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙක ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම සැමරුම් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසීය.

බංකොලොත්භාවයෙන් මිදීමත් සමග  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ වැද්දගත් සාමාජිකයෙක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යන බවද එමෙන්ම තමන් ජනාධිපතිවරණයට තරග වදින බව ද ජනාධිපතිවරයා ඒ සමගම ප්‍රකාශ කරනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka