gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාර් ගෙන්වීමට ජනවාරි මාසයේ සිට ඉඩ

වාහන ආනයනය පිළිබඳව රජයේ සැලසුම් මෙම සතිය තුළ රජය විසින් ඉදිරිපත් කරනු ඇති බව ත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය 2025 ආරම්භයේදී ලබා දෙනු ඇති බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙයි.

එම අරමුදල සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9කට ආසන්න මට්ටමකින් ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු බවට එකඟ වී ඇති පියවර අතර වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීම ද ඇතුළත් කර ඇත.

ඒ අනුව සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර ඒ අනුව නුදුරේදී ම වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් වනු ඇති බවත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් වනු ඇති බව ත් වාර්තා වේ.

මීට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් දේපළ බද්ද අය කිරීම, ඉඩකඩම් දේපළ විකිණීමේදී අය කෙරෙන මුද්දර ගාස්තු වැඩි කිරීම, අපනයන සේවා සඳහා දැනට ලබා දී ඇති ආදායම් බදු සහනය ඉවත් කිරීම, ඩිජිටල් සේවා සඳහා වැට් බදු පැනවීම ඇතුළු නව බදු කිහිපයක් ද පැනවෙනු ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka