රාජගිරිය අනතුර ගැන චම්පිකගේ රියදුරුගෙන් කට උත්තර ගත් පොලිස් නිලධාරීන් අධිකරණයේදී වරදකරුවන් වේ..
රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව ගාල්ල, ඉමදූව ඔවුන්ගේ නිවසේ සිට රාත්‍රී 10.00 ට පමණ කොළඹට ගෙනැවිත් අදාළ රියදුරුට වැරදි කට උත්තරයක් ලබා දෙන ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවරන ලද මූලික මානව අයිතිවාසිකම් නඩුවෙහි තීන්දුව (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබේ.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් සිල්වා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන අයට එරෙහිව, අනීතික අත්අඩංගුවට ගැනීම සහ එම රියදුරුවරයාගේ නිදහස නැති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කොට ඔවුනගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පෙත්සම්කාරිය වෙත (රියදුරුගේ බිරිඳ) ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබේ.
ඊට අමතරව පෙත්සම්කාරිය වෙත රු. 10,000 ක මුදලක් ගෙවන ලෙස රජය වෙත නියෝග කරන ලද අතර, පොලිස් කොමිසමට අධිකරණයෙන් නියෝග කළේ අදාළ විත්තිකාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් ද පවත්වන ලෙස ය.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතිඥ ජයන්ත සිල්වා යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
– media unit
රාජගිරිය අනතුර ගැන චම්පිකගේ රියදුරුගෙන් කට උත්තර ගත් පොලිස් නිලධාරීන් අධිකරණයේදී වරදකරුවන් වේ..
2024-06-01T13:22:00+05:30
Gossip Lanka Hot News





