gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපති තියා ගන්න‍ේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ විසඳගන්න බව ජනපති කියලා

නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු අගරදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්යභාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහු හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී. දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිවරයාගෙන් විමසා තිබුණි.

රාජරත්නම් මහතාගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට නියමිත බවත්, මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බවත් පැවසේ.

කෙසේවුවද, ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එම ඉල්ලීම සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බවත් පැවසේ.

නීතිපතිවරයා ලබන ජුනි 27 වැනිදා විශ්‍රාමයාමට නියමිතය.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka