gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“මැරෙන්න බයත් නෑ ලාභෙට මැරෙන්න ලෑස්තිත් නෑ” - අනුර ලන්ඩනය සංවේදී කරවයි

පසුගියදා ජාතික ජන බලවේගය ලන්ඩන් එකමුතුව විසින් සංවිධානය කර තිබූ ජන හමුවේදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක විසින් සිදුකළ පැය 2කට ආසන්න දේශනයෙන් අනතුරුව, එහි රැස්ව සිටි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් දිසානායක මහතා තම අදහස් දැක්වීය.

ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී විශයන් රැසක ගැටලු සහ යෝජනා සාකච්ඡා කරමින් සිටිනා අතරවාරයේදී අදහස් දැක්වූ එරට සේවය කරනා ශ්‍රී ලාංකිකයෙකු සුවිශේෂී කරුණක් සඳහන් කළේය.

ඔහු කියා සිටියේ, තමා ශ්‍රී ලංකාවේ සිටියදී සේවය කළ ආයතනයේ හිමිකරු ඝාතනය වූයේ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි ලබාදීමක ප්‍රතිඵලයක් ලෙස බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ශ්‍රී ලංකාව තුල පවතිනුයේ ව්‍යාපාරිකයෙකුට හෝ ආරක්ෂාවක් නොමැති පරිසරයක් බවත්. එවැනි තත්වයක් තුළ අනුර කුමාර දිසානායක වැනි අයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතිනා බවත්ය.

එහිදී ඔහු අනුර දිසානායක මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව වෙනුවෙන් විදේශ රටවල පැවැත්වෙන ජන රැලි සඳහා ඔන්ලයින් තාක්ෂණය හරහා සම්බන්ධ වන ලෙසත් ජනතාවගේ ආණ්ඩුවක් තැනීමටනම් ප්‍රථමයෙන් අනුර කුමාර මහතා ජීවත්විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුර දිසානායක පවසා සිටියේ ” අපි ජනතාව එක්ක මේ වැඩේ කරන්න ඕනෙ, ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නත් ඕනෙ, ලාබෙට ජීවිතේ දෙන්න ඕනෙත් නෑ, ඒ නිසා ඊට සරිලන වැඩපිළිවෙළක ඉඳන් අපි වැඩකරනවා, බලමු නේ.. අපිත් ලංකාවෙ ඒගොල්ලොත් ලංකාවෙ” ලෙසයි.

එහිදී රැස්ව සිටි පිරිස් නැඟී සිටිමින් අත්පොළසන් දුන්හ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka