gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය පළකරමින් සජිත් එක්ක පොලොන්නරුවේදී එකට එකතු වූ හිටපු ශ්‍රීලනිප-ජවිපෙ මැතිඇමැතිවරු මෙන්න (VIDEO)

සමගි ජන බලවේගයෙ විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. ඒ මහතා 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එමෙන්ම 2001 වසරේ දී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමත්‍යවරයකු ලෙස කටයුතු කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය. 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ලදී.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව මහ නගර සභාවේ බැඳිවැව කොට්ඨාසයෙන් ඡන්දයෙන් පත් වූ එකම මන්ත්‍රීවරයකු වූ හිටපු මන්ත්‍රී එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka