ඩයනාගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු අසුන ගැන මැතිවරණ කොමිසමට දැනුම් දෙයි: පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලිපියක් යොමු කරයි
ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් 'පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක' පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
එය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව සඳහන්.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
සමගිජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (09) සභාවට දැනුම් දුන්නා.
ඩයනාගෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු අසුන ගැන මැතිවරණ කොමිසමට දැනුම් දෙයි: පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලිපියක් යොමු කරයි
2024-05-09T12:02:00+05:30
Gossip Lanka Hot News






