gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර මාදම්පේ කැලෑවක තිබී හමුවෙයි!

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ - පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

කුලියාපිටිය - වෙරළුගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි 'සුසිත් ජයවංශ' නමැති තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 22 වැනිදා සිය මිතුරකු සමග කුලියාපිටිය වස්සාමුල්ල ප්‍රදේශයේ පදිංචි සිටි සිය පෙම්වතිය බැලීමට ගොස් තිබු සුසිත් නමැති මෙම තරුණයා පෙම්වතියගේ නිවස ආසන්නයේදී මිතුරාට යන ලෙසත් දුරකතන ඇමතුමක් ලබාදුන් විට යළි පැමිණෙන ලෙසත් පවසා තිබුණා.

කෙසේ වෙතත් එදිනෙන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

පසුව අනාවරණ වූයේ 'සුසිත් ජයවංශ' ගේ 18 හැවිරිදි පෙම්වතිය, ඇගේ මව, පියා මෙන්ම වයස අවුරුදු 08 සහ 12 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනාද නිවසින් පළා ගොස් තිබු බවටයි.

ඒ අනුව ලද තොරතුරක් මත පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා.

තොරතුරු ලද ප්‍රදේශ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා පරීක්ෂණ ක්‍රියාත්මක කළ පොලිසිය අවස්ථා කිහිපයකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

අතුරුදන්ව සිටි තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

මීට අමතරව අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පළාගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත්ව ඇති අතර මෙතෙක් ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නැහැ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka