සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේග ආර්ථික කමිටු හා පක්ෂවල නායකයන් අතර වන විවාද පවත්වන්නේ කවදා දැයි තීරණය කිරීම සදහාද විවාදයක් පැවැත්වින.
ඊට සහභාගී වූ සමගි ජන බලවේගය නියෝජිත නලින් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ විවාද දෙකම සඳහා තම පක්ෂය සූදානම් බවත් ඊට අදාළව දින වකවානු යොදාගත යුතු බවත්ය.
ජාතික ජන බලවේගය වෙනුවෙන් සහභාගි වූ නලින් ද ජයතිස්ස මහතා සඳහන් කළේ ඉදිරියේදී පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නිසා පක්ෂවල නායකයන් පළමුව විවාද කළ යුතු බවත් ඉන් අනතුරුව ආර්ථික කමිටු හෝ වෙනත් කමිටු අතර විවාද සුදුසු බවත්ය.
මැයි මස 20 වෙනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතා දිනයක් ලබා නොදුනහොත් ඔහු ඊට නොපැමිනෙන්නේ යයි සලකා ආර්ථික කමිටු විවාදය සඳහා දිනයක් ලබාදෙන බවද හෙතෙම කියා සිටියේය.
