gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රනිල්ට තීරණාත්මක දින කිහිපයක් – ඇමරිකානු උපදේශකයන්!

ආරම්භ වූ සතියේ ඉදිරි දින කිහිපය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

ඒ සඳහා ප්‍රධාන ම හේතුව වී තිබෙන්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන තිබෙන ඇමරිකානු උපදේශක සමාගමේ මූලික විමර්ශන වාර්තාව ලබාදීම ය. අදාළ උපදේශන සමාගම කුමක් දැයි නිශ්චිතව නම් කළ නොහැකි වුවත් එක් සමාගමක් හෝ කිහිපයක නියෝජිතයින් මේ වනවිට ද ඔවුන්ගේ මූලික කටයුතු සිදු කරමින් තිබෙන බව හඳුනා ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ එම මාධ්‍ය ඒකකය මූලික කර ගනිමින් ඇමරිකානු ප්‍රචාරකයන්ගේ කටයුතු සිදු කරමින් පවතී.

එම නියෝජිතයන් මේ වනවිටත් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරු හමුවී අදහස් ලබා ගෙන ඇති අතර ආණ්ඩුවේ ඇමතිවරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයින් හමු වී තිබේ.

ඔවුන් ලබා දෙන මූලික වාර්තා අනුව මුලින් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණය ද, නැත්නම් ජනාධිපතිවරණය ද යන්න ඉක්මනින් නිවේදනය කිරීමට සිදු වී ඇත. ලබන සිකුරාදා (මැයි 17) විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වීමට යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka