ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ඔක්තෝබර් 16 අතර – මැතිවරණ කොමිසම නිවේදනය කරයි
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරි ඇති බලතල අනුව ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17 සහ 2024 ඔක්තෝම්බර් 16 දින අතර කාලය තුළ පවත්වනු ලබන බව එම කොමිසම නිවේදනය කර තිබේ.
පනතේ දැක්වෙන විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළ දී සිදුකරන බවද එහි සදහන් කර තිබේ.
එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ඔක්තෝබර් 16 අතර – මැතිවරණ කොමිසම නිවේදනය කරයි
2024-05-09T21:12:00+05:30
Gossip Lanka Hot News







