අරගලයෙන් රට බේරාගත්තාට ජනපතිට සුභාසිංශන සංදේශයක්!
අරගලය විසින් එතෙක් ගමන් කළ රටේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වඩාත් යහපත් රටක්, ජනතාවට දායාද කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභාසිංශන සහිත සංදේශයක් භාර දීම නව සන්ධානයේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තිය සමිති කේන්ද්‍රය විසින් අද (09) සිදු කරන ලදී.
එම වෘත්තිය සමිති කේන්ද්‍රයේ නියෝජිතයින් කොළඹ නගරයේ ස්ථාන 05කට රැස්ව ආරක්ෂක අංශ වෙත මල් කළඹ බැගින් ලබා දෙමින් ඔවුන්ට ස්තූති කළහ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළු වීමට වෘත්තිය සමිති හා අනුබද්ධ සංවිධාන නියෝජිතයින් දස දෙනෙකුට අවස්ථාව ලැබුණි.
– රුචිර දිලාන් මධුශංක
අරගලයෙන් රට බේරාගත්තාට ජනපතිට සුභාසිංශන සංදේශයක්!
2024-05-09T20:56:00+05:30
Gossip Lanka Hot News






