gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

CID ජනප‍්‍රිය නිලියන් තිදෙනෙකු පසුපස පන්නයි

විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති චතුරංග නැමැති පුද්ගලයාගේ විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූ ජනප්‍රිය තරුණ නිළියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

මහනුවර කටුගස්තොට පාරේ පිහිටි ගොඩනැඟිල්ලක චතුරංග නැමැති පුද්ගලයා විසින් විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති බව හෙළිව තිබේ. එම විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට ඔහු විසින් තරුණ ජනප්‍රිය නිළියන් යොදාගෙන ඇති අතර ඒ අය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක්ද කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

යුරෝපීය රටවල සංචාර, අධ්‍යාපන වීසා, ඇතුළු කටයුතු සඳහා යැයි සඳහන් කරමින් මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇතත් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළු රැගෙන යාමේ ජාවාරමේ ප්‍රධානියකු වන්නේ මෙම පුද්ගලයා බවය. මේ වන විට ඔහු පෝලන්තයේ රැදී සිටින බව වාර්තා වේ. ඔහු රුසියාවේ රැදී සිටින බව පවසමින් මෙම ඡාවාරම කරගෙන ගොස් ඇති බව පෙනී ගොස් තිබේ.

චතුරංග නැමැති මෙම පුද්ගලයාගේ විදේශ තරුණ නිළියන් කිහිප දෙනෙකු ඇතුළු තරුණියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ. මේ දිනවල මෙරට රූපවාහිනී නාලිකා කිහිපයකම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑමෙන් දායක වන නිළියන් තිදෙනෙක් ඒ අය අතර සිටින බව සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka