gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන නියත සාධාරණ විමර්ශනයකට සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න - කාදිනල් හිමියෝ කියති!

තමන් වහන්සේ කිසිම දිනක කිසිම දේශපාලන පක්ෂයක් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නැතැයි අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

මානව හිමිකම් කඩකර ඇති, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන බවට සහතික වී  ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ පක්ෂ ලෙස ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය හඳුන්වා දුන් බවත් කාදිනල් හිමියෝ කියා සිටිති.

උන්වහන්සේ කියන්නේ එදා සිට අද දක්වා මේ සියලු දෙනාගෙන්ම තමන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ජනතාව ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂණයක් බවය.

එවැනි පියවරක් ගන්නා බවට සපථ වෙන ඕනෑම පාර්ශවයකට ඡන්දය ලබා දීමට පුද්ගලයින් දිරිමත් කිරීමට තමන් වහන්සේ කැමති බවද උන්වහන්සේ දන්වා සිටිති.

තමන්ට පදනම් විරහිත චෝදනා නගමින් පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණ ආකාරය කණගාටුදාක බව ද උන්වහන්සේ පවසති. යුක්තියට සහ සත්‍යයට පටහැනිව තමන්ට හිතෙන ආකාරයෙන් මිනිසුන්ට චෝදනා කිරීම පාපයක් බවද එතුමෝ පෙන්වා දෙති.

එම නිවේදනය පහත දැක්වේ.

කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka