gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට වැඩ වරදී.. අධිකරණයෙන් නඩු පිට නඩු!

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහි මුදල් විශූද්ධිකරණ නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටිනා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (මැයි 13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටිමින් කියාසිටියේ දේවගැතිවරයාට අයත් සමාගම් හයක තිබූ අති විශාල මුදලක් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම සමාගම්වලින් ඉවත් කර කොළඹ හත ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මින් පෙර දේවගැතිවරයාට එරෙහිව පැවැති පෙත්සම් විභාගයේදීද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් ඔහුගේ ගිණුම් හරහා රුපියල් කෝටි 1,100ක පමණ මුදලක් සංසරණය වී ඇති බවට අධිකරණයට දැනුම් දී ඇති බව ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ පැවසීය.

වගඋත්තරකාර ජෙරම් ප්‍රනාන්දුට අයත් අති විශාල මුදලක් කොළඹ හත ප්‍රදේශයේ නිවසක සඟවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටි අතර දේවගැතිවරයාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා ඔහු අධ්‍යක්ෂ ධූරය දැරූ සමාගම් හයක් ඇතුළු 18ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන්ම ප්‍රසිද්ධ දේශනයන්හිදී බුදු දහම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාස වන ආකාරයෙන් අදාල දේවගැතිවරයා විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවල හඬ පට සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ද පීරිස් මහතා පැවසීය.

ඉදිරි සති දෙකක කාලය තුළ එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් දේශන පැවත්වීමේ සිද්ධිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය.

එම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ලබන මස 10 දින පෙත්සම නැවත කැඳවීමට ද අධිකරණයෙන් නියම කළ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය ජනක් ද සිල්වා ඇතුළු විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka