gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්ඩාරනායක ඝාතනයටත් වඩා බරපතළ කාරණාවක් පිළිබඳ දුමින්ද හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බවයි.

“අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි, නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නිදහස් පක්ෂයේ සභාපති කිරීම මොන තරම් බරපතළ කාරණාවක්ද, මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. වෙන විදිහකට කියනවා නම් නිදහස් පක්ෂය සමූල ඝාතනය කිරීමක්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල නීත්‍යානුකූල මට්ටමින් වෙනසක් සිදුවෙලා නැහැ, වාරණයට ලක්වෙච්ච පිරිසක් අනීතික රැස්වීමක් කැඳවලා වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව නැවත වතාවක් තනතුරුවලට පත් කරලා තියෙනවා, ඒ අය කැඳවපු රැස්වීම අනීතිකයි.

විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්නනම් මුලින් එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙන්න ඕන. දෙවනුව විජයදාස සාමාජිකයෙක් නොවෙයි කියලා ඒ පක්ෂය අපට නිල වශයෙන් දන්වන්න ඕන, පක්ෂ සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයක සභාපති කමක් දරන්න හැකියාවක් නෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka