ඩයනාට රූපවාහිනියත් නඩු දමයි!
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
රූපවාහිනි සංස්ථාව පවසන්නේ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම ඇය මෙසේ පැහැර හැර ඇති බවයි.
මෙම හිඟ මුදල ගෙවන ලෙස ඇයට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද විවිධ හේතු දැක්වීමෙන් දක්වමින් ගෙවීම් පැහැර හැර තිබේ.
නවගමුව පෙරහැර සජීව ලෙස විකාශය කිරීමට ඇය රූපවාහිනියේ කාලය ලබාගෙන ඇත්තේ ඒ සඳහා වැයවන මුදල් තමන් පෞද්ගලිකව ගෙවන බවට ලිඛිත ප‍්‍රකාශයක්ද ලබා දෙමිනි.
ඩයනාට රූපවාහිනියත් නඩු දමයි!
2024-05-11T11:03:00+05:30
Gossip Lanka Hot News






