gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිසයිලයක් ගැහුවද? නියමුවාගේ වැරැද්දක්ද? ගිනිගත්තේ කොහොමද? ඉරාන ජනාධිපතිට වෙච්ච දේ එළියට එයි!

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි.

හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් ද පිරිවරා ගනිමිනි. අනෙක් හෙලිකොප්ටර් යානා දෙකට කිසිදු අනතුරක් සිදු  නොවුණු අතර අනතුර සිදුවූයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටි හෙලිකොප්ටරයයි.

විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව, පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවය. එම අවස්ථාවේ, ඝන මීදුම් තත්ත්වයක් ද පැවැතිණි. හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බවත්, ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka