gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වීඩියෝව දැමූ අය ගැන පොලිස් විමර්ශන.. උසාවියෙන් දඩත් ගසයි..

නිසි පරිදි ත්‍රිරෝද රථයක් නීත්‍යානුකූලව පවරා නොගැනීම පිලිබඳව පරීක්ෂා කිරීම අතරතුර සිදු වූ සංවාදයක් නැවත සංස්කරණය කර ශ්‍රී  ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයා සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන සිදු කරනු ලබන බව පොලිසිය පවසයි.

සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිදේනය මෙහි දැක්වෙයි.

සියළුම මාධ්‍ය ආයතන.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධව – පින්දෙනිය පොලිස් ස්ථානය.

රථ වාහන රාජකාරියේ යෙදී සිටින කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් හා රියදුරෙකු අතර සිදුවන සංවාදයක වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම සිදුවීම 2024.05.16 වන දින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පින්දෙනිය පොලිස් වසමේ සිදුව ඇත.

පින් දෙනිය පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂක වරියක්, පොලිස් සැරයන්වරයෙකු, කාන්තා පොලිස් සැරයන්වරියක් නා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් රථවාහන රාජකාරියේ නිරතව සිටියදී අවිස්සාවේල්ල දෙස සිට ගලිගමුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් සැරයන්වරයා විසින් නවතන ලෙසට සංඥා කර ඇත. එම අවස්ථාවේ අදාල ත්‍රීරෝද රථයේ රියදුරු එම පොලිස් නිලධාරියාට දෝෂාරෝපනය කර ඇති අතර එම නිලධාරියා විසින් ත්‍රීරෝද රථ රියදුරුව කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය වෙත යොමු කර ඇත.

ඒ අනුව එම නිලධාරිණිය විසින් ත්‍රිරෝද රථයේ ලියවිලි පරීක්ෂා කිරීමේදී එහි ආදායම් බලපත්‍රය නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත්, රක්ෂණ සහතිකය දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත් අයත්ව තිබී ඇත. මේ සම්බන්ධව එම රියදුරුගෙන් විමසීමෙන් අනතුරුව ක්‍රිරෝද රථය සන්තකයේ පවරා නොගැනීම සම්බන්ධව ක්‍රිරෝද රථ රියැදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කොට රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරුව ත්‍රිරෝද රථ රියදුරු පින්දෙනිය පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ස්ථානාධිපති විසින් එම රියදුරුට මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර දී ත්‍රී රෝද රථයේ රක්ෂණ සහතිකයේ හිම්කරු කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඔහු එය කිසිදු ගණනකට නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ත්‍රීරෝද රථයේ ලියාපදිංචි පොතද අදාල ත්‍රිරෝද රථයේ රියදුරු විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2024.05.21 වන දින මෙම ක්‍රිරෝද රථය තම සන්තකයට නිසි පරිදි පවරා නොගෙන එහි හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෝටර් වාහන පනතේ 12 (2) හි සඳහන් ප්‍රතිපාදන අනුව කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී රියදුරු වරද පිළිගැනීමෙන් පසු රුපියල් 5000/= ක දඩ මුදලක් ගෙවීමට ගරු අධිකරණය මඟින් නියෝග කර ඇත.

තවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මඟින් නිසි පරිදි ත්‍රිරෝද රථය නීත්‍යානුකූලව පවරා නොගැනීම පිලිබඳව පරීක්ෂා කිරීම අතරතුර සිදු වූ සංවාදයක් නැවත සංස්කරණය කර ශ්‍රී  ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයා සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පින්දෙනිය පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.

මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka