gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ දින කලින් එළියට දැමීම ගැන විපක්ෂයට සැකයක්

ජනාධිපතිවරණයට මාස තුනකට ආසන්න කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නිකුත් කිරීම පළාත් පාලන මැතිවරණයට කළ ආකාරයේ ම මැතිවරණය කල් දැමීමේ ක්‍රමයේ දිගුවක් බවට දේශපාලන අංශවල දැඩි සැකයක් මතු වී තිබේ.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සමගි ජන බලවේගයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කැඳවුවහොත් ඊට කිසිවෙකුට විරුද්ධ වීමට ද නොහැකි වීම මේ මොහොතේ බරපතළ කාරණාවක් බව ඉස්මතු වී ඇත.

මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා කැඳවන්නේ මාසයක් මාස එකහමාරක් පමණ තිබියදී නමුත් මෙපමණ කාලයක් තබා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම මේ මොහොතේ මැතිවරණ කොමිසමේ රාජකාරිය නොවන බව දේශපාලන අංශවල මතභේදයට තුඩු දී තිබේ.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා පනතට අනුව ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාලයක් තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු වේ.

විශේෂයෙන් ම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළේ ද මෙවැනි ම දිගු කාලයක් ඉදිරියට තබා වන බැවින් ජනාධිපතිවරණයට ද එය ම සිදුකිරීමට යාමේ දැඩි ප්‍රවණතාවක් තිබෙන බැව් එම මන්ත්‍රීවරුන් සාකච්ඡාකොට තිබේ.

පාර්ලිමේන්තුව ලබන සතියේ 13, 14 හදිසියේ ම කැඳවන අතර ලබන මැයි 15ට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බවට වන රාවයක් මේ හා සම්බන්ධව ගැටගැසී ඇති කාරණයක් බවට ද ඔවුන් සැක පහළ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව මෙම වාර්තාව පැහැදිලි කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ රට මේ යන ආකාරයට තවදුරටත් ගියහොත් ඉදිරියේදී නැවත ආර්ථික අර්බුදයක් පැනනගිනු ඇති බව ත් ඒ අනුව 2024 සඳහා අය- වැය ලේඛනයෙන් ජනාධිපතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කළ ද භාණ්ඩාගාර සංචිත ප්‍රමාණවත් නොවීමෙන් ජනාධිපතිවරණයකට යා නොහැකි අවදානමක් පවතින බවට ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් යම් තර්කයක් මතු කරනු ඇති බවට දේශපාලන පක්ෂ විපක්ෂවල මතය වී තිබේ.
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka