පොහොට්ටුවේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පලකරන බවට මත ප්‍රකාශ කරමින් යන ප්‍රසන්න රණතුංග ට හැකිනම් ඒ බහුතර කණ්ඩායම රැගෙන විත් පෙන්වන්නයි නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණඩාර අභියෝගයක් කළේය.
“පසුගිය සති දෙක ඇතුළත මැයි දිනය ගැන කතා කරන්න මේ ඔක්කොම කැඳෙව්වා. ප්‍රසන්න රණතුංග ඇවිත් බැසිල් රාජපක්ෂට එහා පැත්තෙ ඉදන් හිටියේ. ඒ වෙලාවෙ කියන්න තිබ්බා. කිව්වෙ නෑ… මයික් එකක් ඇල්ලුවට පස්සේ ඔහේ කියන කතා ගණන් ගන්න එපා.” රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඔහු අවධාරණය කළේ ප්‍රසන්න රණතුංග කියමින් යන්නේ පක්ෂයේ මතය නොව ඔහුගේ මතය බවය. පක්ෂ අභ්‍යන්තර තීන්දුව වී ඇත්තේ පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධව පොදු එකඟතාවයකට එනතුරු ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් නොකර සිටීම බැවින් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස ප්‍රසන්න රණතුංග එ් බව දැනගත යුතු යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
පොහොට්ටුවෙන් අනිවාර්යයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කී මන්ත්‍රීවරයා ඒ අපේක්ෂකයා නිසැකවම මැතිවරණය ජයග්‍රහණය කරන තැනැත්තා බව ද ඔහු පැවසුවේය.