කිසිවෙක් නොසිතූ ජනාධිපති අපේක්ෂකයෙක් පොහොට්ටුව නම් කරයි
දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට තුඩුදී ඇති පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන නියෝජිතයා මේ වනවිට පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම් විසින් නම්කර අවසන් බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් මෙවර අපේක්ෂකයා කිසිවෙකු බලාපොරොත්තු නොවූ සුවිශේෂී දේශපාලන චරිතයක් බව එම ආරංචි මාර්ග වලින් පැවසේ, කෙසේ වෙතත් ලබන මස පළමු වැනිදා යෙදී තිබෙන මැයි රැළියේදී එය ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිවෙක් නොසිතූ ජනාධිපති අපේක්ෂකයෙක් පොහොට්ටුව නම් කරයි
2024-04-24T07:38:00+05:30
Gossip Lanka Hot News





