මා CID වෙත ඉදිරිපත් කළ කරුණුවලින් පමණක් පාස්කු අපරාධයේ සැබෑ අපරාධකරුවන් සොයා ගත හැකියි! CID ගිය සිරිල් ගාමිණී පියතුමා පවසයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ සිරිල් ගාමිණී පියතුමා පවසයි.
ඊයේ තමන් විසින් ඉදිරිපත් කළ කරුණු ගැන පමණක් ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් වුව ද පාස්කු කුමන්ත්‍රණයේ සැබෑ අපරාධකරුවන් සොයාගත හැකි බව එතුමා කියයි.
උන්වහන්සේ ඊයේ (19) මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 04ක ප්‍රකාශයක් ලබා දෙමිනි.
පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත පිටු 12 කින් සමන්විතව යොමු කළ ලිපිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිප් කර ඇත.
එළැඹෙන ඉරුදින වෙන විට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරෙන බව ද සඳහන් කළ පියතුමා ඒ වෙනුවෙන් පාගමනක් ද සංවිධානය කර ඇති බවත් ජාති ආගම් භේද නොසලකා සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙසත් ආරාධනා කළේය.
උන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ මේ සටන ගෙනියන්නේ කතෝලිකයින්ට සාධාරණයක් ඉටුකිරීමට නොව, අපරාධයක් කර අපරාධකරුවාට සැඟවී සිටිය හැකි සංස්කෘතිය වෙනස් කිරීමේ ජාතික කටයුත්ත ඉටු කිරීමට බවය.
මා CID වෙත ඉදිරිපත් කළ කරුණුවලින් පමණක් පාස්කු අපරාධයේ සැබෑ අපරාධකරුවන් සොයා ගත හැකියි! CID ගිය සිරිල් ගාමිණී පියතුමා පවසයි
2024-04-20T08:24:00+05:30
Gossip Lanka Hot News






