gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනි කූපර් එකක් ත්‍රීවීලර් එකක් කරපු ඉඩම් කොමසාරිස් ජනරාල්ටයි RMV එකේ ලොක්කො සෙට් එකකටයි මහාධිකරණයේ නඩු

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර් රථ ප්‍ර්‍වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීය.

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ වාහන පිළිබඳව රථ වාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර වෙනත් වාහන අංක යටතේ ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 26 කට අධික පාඩුවක් කළ බවටද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට චෝදනා කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම වරද කර ඇතැයි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ සඳහන් කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නෝ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාර කළ රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග (විදේශ ගතවී), චන්න රෝහිත, ධර්මරත්න බණ්ඩා සහ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයේ හිමිකරු බව කියන අජිත් කුමාර වලිසුන්දර නමැත්තෝය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පැවරීය.
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka