gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණයට නැකත් හදන රනිල්ගේ කොන්ත්‍රාත්තුව හිමිනමකට!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්‍ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී ඇති බව වාර්තා වේ.

එම හිමිනමට අදාළ නැකැත් කටයුතු පැකේජයක් ම බාර දී ඇත. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසු ගණ පිහිටුවන ලද පක්ෂයක් තෝරා දීම, අපේක්ෂක අයදුම් පත්‍රය අත්සන් කිරීමට දින කිහිපයක් නම් කිරීමට බාර දී තිබීම සහ නාමයෝජනා බාරදීමත් ඉන්පසු මංගල ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමට සුදුසු නගරයක් තෝරාදීම මෙන් ම, එම රැලිය ආරම්භ කිරීමට සුදුසු නැකතක් සකස් කිරීම ආදී කටයුතු එම පැකේජයට අයත් ය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙන් ජයග්‍රහණය කිරීමට රනිල් වික්‍රමසිංහ අපේක්ෂාවෙන් සිටී. ඒ වෙනුවෙන් මේ වනවිටත් ජාත්‍යන්තර ප්‍රචාරක සමාගම් ද තෝරා ගෙන ඇති බව අනාවාරණය වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka