අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.
තමන් එනතුරු බලා ඉන්නැයිද තෙවරප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටින බව කී ඔහු පරක්කු වැඩි නම් තමන්ද කැඳවාගන්නැයි මාරයාගෙන් ඉල්ලන්නැයිද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.
