මමයි පාලිතයි කොත්තුව 1900ට විකුණපු එකාගේ කණ අතගාන්න යන්න හිටියේ... පාලිත සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා - මර්වින් සිල්වා
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.
තමන් එනතුරු බලා ඉන්නැයිද තෙවරප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටින බව කී ඔහු පරක්කු වැඩි නම් තමන්ද කැඳවාගන්නැයි මාරයාගෙන් ඉල්ලන්නැයිද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.
මමයි පාලිතයි කොත්තුව 1900ට විකුණපු එකාගේ කණ අතගාන්න යන්න හිටියේ... පාලිත සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා - මර්වින් සිල්වා
2024-04-19T06:57:00+05:30
Gossip Lanka Hot News