ඡන්ද ප්‍රමාදයට එරෙහිව මැකෝ පාරට බහී!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය නිවස ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළකර තිබේ. ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට එරෙහිව සිය විරෝධය පළකරන හෙතෙම ප්‍රකාශ කර ඇත්තේ රජයේ බලපෑම මත නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල්දැමීම ඒකාධිපති ක්‍රමයට අත ගැසීමක් හා සමාන බවයි.
තේරී පත් වූ නියෝජිතයන් වෙනුවට නිලධාරීන් පාලනය කිරීම පුරවැසි අයිතීන් උල්ලංඝනය කිරීමක් බව මහින්ද දේශප්‍රිය සිය බැනර්වල පෙන්වා දෙයි.
අම්බලන්ගොඩ – බටපොල මාර්ගයේ ගමන් ගන්නා අයට මෙම බැනර් දැකගත හැකිය.
ඡන්ද ප්‍රමාදයට එරෙහිව මැකෝ පාරට බහී!
2024-04-10T20:41:00+05:30
Gossip Lanka Hot News






