gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් වෙනුවට ජනාධිපතිවරණයට ජේ.ආර්.ගේ මුණුබුරු ඉෂාන් ජයවර්ධන!

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ මුණුබුරකු වන ඉෂාන් ජයවර්ධන ප්‍රකාශ කළේය.

කළුතරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම මේ බව අනවරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉෂාන් ජයවර්ධන, අද රටේ පැන නැගී ඇති ප්‍රශ්න සඳහා පාලකයන්ට විසඳුම් නැති බවත්, රට මේ වනවිට දැඩි ආර්ථික අගාධයකට හෙළා ඇති බවත් ප්‍රකාශ කළේය.

රටේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම විශේෂයෙන් සකස් කළ සැලසුම් තමන් සතු බවත්, ඒවා තාවකාලික සැලසුම් නොව රටට ඔබින ස්ථිර විසඳුම් බවත් හෙතෙම කීය.

තමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවද ඉදිරියේදී තවත් කණ්ඩායම් සමග සන්ධානගතවීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් ඔබද ඉදිරිපත් වුවහොත් මෙවර ජනාධිපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් දෙදෙනකුම ඉදිරිපත් වනවා නොවේදැයි ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉෂාන් ජයවර්ධන, තමා සිතන ආකාරයට රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි ප්‍රකාශ කළේය.(මුලාශ්‍රය – ලංකාදීප)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka