පාර්ලිමේන්තු මැතිවරණයකට කොමිසම සූදානමින්!
එළඹෙන මැයි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මාස දෙක කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිවරණයක් පැවැත්වීමට මීළඟට නියමිතව ඇතත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාලවකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවනු ඇති බවද කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින පටන් දින 50ක පමණ කාලයක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණයකට කොමිසම සූදානමින්!
2024-04-27T18:56:00+05:30
Gossip Lanka Hot News





