රටේ දත්ත රැස්කරන උපකරණ වගයක් චීන්නු පේරාදෙණිය සරසවියේ සවිකරති!
වායුගෝලීය භෞතික විද්‍යා චීන ඇකඩමිය මඟින් පරිත්‍යාග කරන ලද උපකරණ සවි කිරීමත් සමඟ අනාගතයේදී රටේ පමණක් නොව කලාපයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳ දත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැස් කළ හැකි බව එහි නිලධාරීහු පවසති.
මෙම උපකරණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර ඇත්තේ එම ස්ථාපනය සඳහා මාසයකට ආසන්න කාලයක් කටයුතු කළ චීන විද්‍යාඥයන් විසිනි.
වසර හතරකට ආසන්න කාලයක් පුරා පැවැති සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය ලෙස චීනය මෙම පිරිනැමීම සිදුකළ බව මහාචාර්ය තිලක් බණ්ඩාර පවසයි. “එය විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම රටට ද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.”
අතීතයේ විශ්වවිද්‍යාලයට පර්යේෂණ හා ඉගැන්වීම් කටයුතු සඳහා රටේ වෙනත් ආයතනවලින් දත්ත ලබාගැනීමට සිදු වූ නමුත් අවශ්‍ය උපකරණ සවිකිරීමත් සමඟ ඒවා මත යැපෙන්නේ නැති බවත් ඔහු සඳහන් කරයි.
මේ වන විට ඔවුන් රට පුරා වායුගෝලීය තත්ත්වය අධ්‍යයනය කිරීමේ නිරතව සිටින නමුත්, නව උපකරණ සමඟ කලාපීය වායුගෝලීය දත්ත නිරීක්ෂණය කිරීමට සහ රැස් කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මහාචාර්ය බණ්ඩාර වැඩිදුරටත් පවසයි.
රටේ දත්ත රැස්කරන උපකරණ වගයක් චීන්නු පේරාදෙණිය සරසවියේ සවිකරති!
2024-04-08T08:21:00+05:30
Gossip Lanka Hot News





